අගමැතිනියට ගෙදර යන්න බලකරමින් බංග්ලාදේශයේ විරෝධතා – විපක්ෂ නායකත් අත්අඩංගුවට

බංග්ලාදේශයේ විපක්ෂ නායකවරයා සහ ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් ඩකා නුවර පැවති ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩකාරී විරෝධී විරෝධතාවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින් සති අන්තයේ දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ඩකා නුවර විරෝධතාවන්ට එක්ව සිටියා.

මෙම විරෝධතාවලින් එක් පොලිස් නිලධාරියෙක් සහ විරෝධතාකරුවෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බංග්ලාදේශ විපක්ෂ නායක අලම්ගීර් අත්අඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් මේ වනවිට පරස්පර වාර්තා නිකුත් වී තිබෙනවා.

බංග්ලාදේශ අගවිනිසුරුවරයාගේ නිවසට එල්ල වූ බව කියන ප්‍රහාරයක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් AFP ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ සෙනසුරාදා විරෝධතාවයේ දී පොලිස් නිලධාරියෙකු මිය යාමෙන් පසු මිනීමැරුම් චෝදනාවකට විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ පක්ෂයේ තවත් සාමාජිකයින් 64 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බවයි.

මෙම විරෝධතා අතර තුර විරෝධතාකරුවන් පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වල දී විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එළඹෙන ජනවාරි මාසයේ දී මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, අගමැතිනී ෂීක් හසීනාට එරෙහිව විරෝධතා පවත්වමින්, ඇයට ඉල්ලා අස්වන ලෙසත් මධ්‍යස්ථ රජයක් යටතේ ඡන්දයක් පවත්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56