Empty Ad
AFC Banner
Empty Ad

අගමැතිනියට කළ අපහාසයක් ගැන තිස්ස අත්තනායකට වැඩ වරදින ලකුණු

අගමැතිනි හරිනි අමරසූරිය විසින් ගොනු කරන ලද අපහාස නඩුවකට අදාළව පිළිතුරු ගොනු කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඇතුළු විත්ති පාර්ශ්වයන්ට අද (21) නියෝග කළා.

2024 ජනාධිපතිවරණ රැලියක් අතරතුර ජාතික ජනබලවේගය පක්ෂ රජයක් පිහිට වූ පසු ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නවත්වන බවට තමන් ප්‍රකාශ කළ බවට සමගි ජනබලවේග පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට එරෙහිව අග්‍රාමාත්‍ය හරිනි ජයසූරිය මෙනවිය මෙම නඩුව ගොනුකර තිබෙනවා.

නඩුව මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ආසියානු ගුවන් විදුලි සංස්ථාව (පුද්ගලික) සමාගමෙන් තමන්ට සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

නඩුව කැඳවූ අවස්ථාවේ නඩුව සම්බන්ධව පිළිතුරු ගොනු කිරීම සඳහා තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අමතර කාලයක් ඉල්ලා සිටියා.

ඒ අනුව එම කරුණ සලකා බැලූ විනිසුරුවරිය 2025 ජුනි 3 වන දිනට පෙර පැමිණිල්ලට අදාළ ව පිළිතුරු ගොනු කරන ලෙස විත්තිකරුවන්ට නියම කළා.

2024.08.19 දින මාවනැල්ල ප්‍රදේශයේ පැවැති සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ දේශපාලන රැස්වීමක දී මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකර ඇති බවත් රටේ ප්‍රධාන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක සිදුකළ මෙම අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තමන් පොදු ජනතාව ඉදිරියේ අවමානයට, අපවාදයට, ලැජ්ජාවට හා පිළිකුලට ලක් කිරීම විත්තිකරුවන්ගේ අරමුණ වී ඇති බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මගින් අවධාරණය කෙරුණා.

විත්තිකාර මන්ත්‍රීවරයා සිදුකර ඇති එම අසත්‍ය ප්‍රකාශය එක්තරා රූපවාහිනී නාලිකාව ප්‍රවෘත්ති විකාශනයේ දී ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස විකාශනය කළ බව හා එම නාලිකාවේම පත්තර විස්තර වැඩසටහන මගින් පසුදින එය නැවත ප්‍රමුඛතාවක් ලබා දී ප්‍රචාරයක් කළ බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මගින් අධිකරණයට පවසා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් නීතිඥ ශානිකා සිල්වා පෙනී සිටි අතර, සචින්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නීතිඥ කස්සල කැමර් මහතා තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?