අගමැතිනියට කළ අපහාසයක් ගැන තිස්ස අත්තනායකට වැඩ වරදින ලකුණු

අගමැතිනි හරිනි අමරසූරිය විසින් ගොනු කරන ලද අපහාස නඩුවකට අදාළව පිළිතුරු ගොනු කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඇතුළු විත්ති පාර්ශ්වයන්ට අද (21) නියෝග කළා.

2024 ජනාධිපතිවරණ රැලියක් අතරතුර ජාතික ජනබලවේගය පක්ෂ රජයක් පිහිට වූ පසු ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නවත්වන බවට තමන් ප්‍රකාශ කළ බවට සමගි ජනබලවේග පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට එරෙහිව අග්‍රාමාත්‍ය හරිනි ජයසූරිය මෙනවිය මෙම නඩුව ගොනුකර තිබෙනවා.

නඩුව මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ආසියානු ගුවන් විදුලි සංස්ථාව (පුද්ගලික) සමාගමෙන් තමන්ට සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

නඩුව කැඳවූ අවස්ථාවේ නඩුව සම්බන්ධව පිළිතුරු ගොනු කිරීම සඳහා තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අමතර කාලයක් ඉල්ලා සිටියා.

ඒ අනුව එම කරුණ සලකා බැලූ විනිසුරුවරිය 2025 ජුනි 3 වන දිනට පෙර පැමිණිල්ලට අදාළ ව පිළිතුරු ගොනු කරන ලෙස විත්තිකරුවන්ට නියම කළා.

2024.08.19 දින මාවනැල්ල ප්‍රදේශයේ පැවැති සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ දේශපාලන රැස්වීමක දී මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකර ඇති බවත් රටේ ප්‍රධාන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක සිදුකළ මෙම අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තමන් පොදු ජනතාව ඉදිරියේ අවමානයට, අපවාදයට, ලැජ්ජාවට හා පිළිකුලට ලක් කිරීම විත්තිකරුවන්ගේ අරමුණ වී ඇති බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මගින් අවධාරණය කෙරුණා.

විත්තිකාර මන්ත්‍රීවරයා සිදුකර ඇති එම අසත්‍ය ප්‍රකාශය එක්තරා රූපවාහිනී නාලිකාව ප්‍රවෘත්ති විකාශනයේ දී ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස විකාශනය කළ බව හා එම නාලිකාවේම පත්තර විස්තර වැඩසටහන මගින් පසුදින එය නැවත ප්‍රමුඛතාවක් ලබා දී ප්‍රචාරයක් කළ බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මගින් අධිකරණයට පවසා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් නීතිඥ ශානිකා සිල්වා පෙනී සිටි අතර, සචින්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි නීතිඥ කස්සල කැමර් මහතා තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32