අගමැතිගේ ගෙට ගිනි තැබූ සිද්ධියට තුනක් අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල පිහිටි පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අදාල සැකකරුවන් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස, කඩවත සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔවුන් අතර 19 හැවිරිදි වියේ පසුවන අයෙක් ද සිටින බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (09) රාත්‍රීයේ අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වී ගිනි තබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?