අගමැතිගේ ගෙට ගිනි තැබූ සිද්ධියට තුනක් අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල පිහිටි පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අදාල සැකකරුවන් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස, කඩවත සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔවුන් අතර 19 හැවිරිදි වියේ පසුවන අයෙක් ද සිටින බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (09) රාත්‍රීයේ අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වී ගිනි තබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

  1. අහිංසක මිනිස්සු අහු කරනවා කොහොමත් ඕකට.වටින බඩු පැත්තකින් තිබ්බෙ කවුද දන් නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34