අඛණ්ඩ සත්‍යග්‍රහය ගැන දැනුම්වත් කරන්න විමල්, මල්වතු මහා නාහිමි බැහැදකී

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනතුරු හෙට (12) දිනයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මල්වතු මහා නාහිමි පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක පවසා සිටියා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානයේ නියෝජිත පිරිසක් අද (11) දිනයේ මල්වතු මහා විහාරයට පැමිණ රජය ගෙන ඒමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් මෙරට අධ්‍යාපනයට මෙන්ම අනාගතය භාරගැනීමට සිටින දරුවන් හට සිදුවන විනාශය පිළිබඳව නාහිමියන් දැනුවත් කර සංදේශයක් භාරදීමට ද පියවර ගත්තා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ,

“වර්තමානයේ අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යැයි හිතෙනවා නම් සැලසුම් සහගතව නියමිත කාල සීමාවක් තුළ ප්‍රථමයෙන් නියමු ව්‍යාපෘතියක් ඉදිරිපත් කොට පසුව එය පිළිගත හැකිනම් එය දිවයින පුරාව්‍යාප්ත කිරීමට කටයුතු කළ හැකියි. නමුත් මේ ඉදිරිපත් කොට තිබෙන ප්‍රතිසංස්කරණයේ සිංහල වගේම ඉංග්‍රීසි වැරදියි. මේ රටේ සභ්‍යත්වය සංස්කෘතිය සදාචාරය පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වලා නෑ. ඉතිහාසය වගේම බුද්ධාගම විෂයත් පහළට දාලා තියෙන්නේ. එහෙම කරපුවම මේ රටේ දරුවෝ නිකන්ම අනාගාමික වෙනවා. රට ආගම ජාතිය ගැන හැඟීමක් නැති ජාතියක් බිහිවෙනවා. ලිංගික අධ්‍යාපනයට අපි විරුද්ධ නෑ. මෙතන කෙරෙන්නේ ලිංගික අධ්‍යාපනයක් නෙවෙයි. සම ලිංගික කාර්යයන් සඳහා දරුවන් පුරුදු පුහුණු කරන එකයි. මේ මොඩියුල ක්‍රමය හරහා ගුරුවරුන් විශාල පීඩනයකට ලක්වෙලා ඉන්නේ. මේ මගින් ඇතැම් දරුවන්ට අසාධාරණකම් වෙන්න පුළුවන්. මේක නැවැත්විය නැත්නම් මේ රටට මහා විනාශයක් වෙනවා. මේවා කුමන්ත්‍රණ. හරිනි අමරසූරිය අගමැති ධුරයේ හිටියාට අපිට කමක් නෑ. හැබැයි එයා අධ්‍යාපන ඇමතිකමෙන් ඉවත් වෙන්න ඕනේ. එයා ඉවත් වන තුරුම අපි මේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් අධ්‍යාපන අමාත්‍යාංශය අසල කරනවා. කවුරු මොනවා කීවත් කළත් අපි ඒක නවත්වන්නේ නෑ මේ රටේ දරුවන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. දරුවෝ අත්හදා බලන්නත් ඉඩ දෙන්නේ නෑ. අගමැතිනිය මේ වැරදි පිළිගන්නෙත් නෑ. වැරැද්දක් උනානම් වැරැද්ද කළ කෙනාව කවුද කියලා රටට හෙළිකරන්න ඕනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
43
+1
1
+1
1
+1
1
+1
11
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15