සංචාරක වීසා මත මෙරටට පැමිණ අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩාවේ නිරතව සිටිය දී මගින් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 11 දෙනා අද (05) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී කඩුවෙල මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේ සැකකරුවන් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක සිට මෙම පිරිස සූදු ක්‍රීඩාවේ නිරතව ඇති අතර, ලද තොරතුරක් මත තලංගම පොලීසිය මගින් සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන්ව වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.





