අකුරල මුහුදේ අතුරුදන් වූ සිසුවාගේ සිරුර හමුවෙයි

අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී රළ පහරට හසුවී අතුරුදන් වූ සිසුවාගේ සිරුර හමුවී තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටි මෙම සිසුවාගේ සිරුර අද (14) අකුරළ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී යි සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීටියාගොඩ වෙදවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එකොළොස් වන වසරේ ඉගෙනුම ලැබූ 17 හැවිරිදි සිසුවෙක්.

තවත් සිසුන් දෙදෙනෙකු සමග මිය ගිය සිසුවා මුහුදේ දිය නාමින් සිටියදී තිදෙනාම මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර අනෙක් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරා ගනු ලැබුවා.

මිය ගිය සිසුවා බේරා ගැනීමට නොහැකිවී ඇති අතර ඔහු මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබුණා.

බේරාගත් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ඊයේ බලපිටිය රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔවුන් දෙදෙනාගේ තත්වය ද බරපතල බවටයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙම සිසුන් තිදෙනා මිතුරෙකුගේ නිවසකට යන බවට තම නිවෙස්වලට දන්වා මුහුදේ දිය නෑමට ගොස් තිබූ බවටයි හෙළිවී ඇත්තේ.

අම්බලන්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57