අකිල විමංග සර්ට ආදරේ ගැන කියා දුන්”ප්‍රේමනීය සූස්තිකාරයා”

අකිල විමංග සෙනෙවිරත්න කියන්නේ සමාජ මාධ්‍ය තුල ආදර පිළිබඳව හරි හරියට කතා කරන නිර්වචන දෙන සිංහල ගුරුවරයෙක්.ඔහු මේ කියන කතාවන්ට බොහෝ දුරට ඇහුම්කන් දෙන්නේ නව යොවුන් වියේ දරුවන්.කොහොම නමුත් අකිල විමංග සර් කියන කතා වලට ලියපු හරි අපූරු උත්තරයක් අපිට මුහුණුපොතෙන් හමු වුනා.මේ ලියවිල්ලේ අයිතිකරු “රම්”

බොහෝ දෙනා ඔහුව හදුනන්නේ “රෙඩ් රම්” එහෙම නැත්නම් “රෙඩා” විදිහට…
මෙතනින් එහාට මම කතා කරන්න යන්නේ නැහැ.මම රෙඩ් රම්ගේ ලියවිල්ලට අවස්ථාව දෙනවා කතා කරන්න.
යම් විදිහකින් මේ කතාව සම්බන්ධයෙන් පිළිතුරු ලියැවිල්ලක් තියනවා නම් ඒ කතාවටත් අපි අවස්ථාවක් දෙන්න සූදානම්.

——————————————————————————————–

Akila Vimanga Senevirathna මහත්තයෝ,ඔහේල අපි වගේ නෙමෙයි.. දැන උගත් බුද්ධිමත්තු.. එහෙම වෙලත් මේ වගේ වෛරීය ප්‍රකාශන සමාජගත කරන එක සහගහන අපරාධයක් කියල නිකමටවත් නොහිතෙන එක මහ අපරාධයක්.මන් ගංජාකාරයෙක්.. මම ඔතන ගංජා වලටයි, මම කතා කරන හැම වචනෙකටමයි මම වගකියනව. ගුරුවරයෙක් වෙලත් ඔහේට මේ කටින් එලියට පැන්න වචන ගැන තියන වගකීම මොකක් ද ???

ජෛව විද්‍යාත්මකව මම හිතනව ඔහේගේ අම්මත් ගෑනියෙක් වෙන්න ඇති කියල. ගෙදර ගිහින් නිකමට අම්මගෙන් අහල බලන්න, හිතට එකඟව අද මේ වෙනකොට කීපාරක් නම් තාත්තව අතාරින්න හිතිල තියනවද කියල. සමහර විට ඔබතුමා කවදාවත්ම අහල දැකල නැතිව ඇති ඒක. ඒත් මගේ අම්ම මගේ අප්පච්චිව ඇතෑරියා. හැබැයි ඔය කියන සීමාවක් එයාලගේ ආදරේ ඇතුලේ කවදාවත්ම ලකුණු කරලා නෑ..තිබ්බෙත් නෑ..මේ ලෝකේ වැඩිපුරම නිර්වචන තියන වචනය ” ආදරය ” . ඊට පස්සේ දේශපාලනය.

ඔය දෙකම මිනිස්සුන්ගේ ජීවිත වල පවතින දෙයක්.. ඒක ඇතුලේ ඔහේ කොහොමද ” ඉවසල ඉවසල බැරිම තැන ” කියලා ලිමිටේශන් එකක් මාර්ක් කරන්නේ?? . කොහෙද ඔය බැරිම තැන තියෙන්නෙ..ලිමිටේශන් තියෙන්නේ ඩීල් වල මහත්තයෝ.. ආදරේ කියන්නේ නිකම්ම පවතින දෙයක්. ප්‍රේමයට ප්‍රේමයෙන් ඉන්න ඉඩ දෙන්න. ඒකට මෙහෙම සිල්ලර නිර්ණායක දෙන්න එපා.මේ ලෝකේ පැවැත්මට ස්වභාදහම අවශ්‍යතාවය මත හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ ඉතිරි අඩක් ස්වභාදහම විසින් මවල තියනව. මන් හිතන්නේ ඔබතුමා මේ තරම් වයසට ගිහිල්ලත් ඔබතුමාගේ ජීවිතේ ඒ ඉතිරි කොටස කවදාවත්ම හම්බෙලා නෑ..

ඒක හම්බෙච්ච කිසිම මිනිහෙක්ගේ කටින් ඔය වගේ තකතීරු අදහසක් එලියට පනින්නෙ නෑ.එහෙම මනුස්සයෙක්ව එක පාරක් තදින් බදාගත්තම ඇටමිඳුළු වලට යනකම්ම ගිලෙනව. ඒක මහ පුදුම සහගත හැඟීමක්..හරියට අම්ම කවදාවත් වෙන පුතෙක්ව තෝර ගන් නෑ වගේ. තාත්තා මොන තරම් දරාගත්තත් වෙන දුවෙක්ව තෝර ගන් නෑ වගේ.. කියවීමෙන් නෙමෙයි, ආදරෙනුයි මිනිස්සු පරිපූර්ණත්වයට පත්වෙන්නෙ..ඔහේල වගේ දැන උගත්තුන්ට කියල දෙන්න මන් වගේ එකෙක් දන්නෙ නෑ.

අනික ආදරේ කියන්නේ මයික් එකක් අරන් ස්ටේජ් එකක් උඩ ඉඳන් හරි, පරීක්ෂණාගාරයක රසායනික සමීකරණ වලින් හරි ප්‍රතිඵලයක් විදියට පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි..තමන්ගේ ජීවිතේ උඩ හිටගෙන, අනික් මිනිස්සුන්ගේ ජීවිත වලට නිර්වචන දෙන එක නවත්තන්න මහත්තයෝ. පිලෝසෆර් කෙනෙක්ගේ පලවෙනි නීතිය තමා බැහැර කොට න්‍යායය දිහා බලන එක.ඔහේට ආස නම් ඕශෝ වගේ රූමි වගේ බුද්ධා වගේ පිලොසෆර් කෙනෙක් වෙන්නේ අනේ දෙයියනේ කියල හරි විදියට ඒක කරන්න.

මොකද ඔබතුමාගෙන් ඉගෙන ගන්නේ ජීවිතේ තීරණාත්මකම වයස්වල ඉන්න ළමයි. ඒ ළමයින්ට ජීවිතේ දිහා බලන්න වැරදි ෆ්‍රේම් දාන්න එපා. පව්.. උන් දන්නෙ නැහැ තමන්ගේ ෆ්‍රේම් එක.. ඔබතුමා ඔබතුමාගේ විශය ගැන ඕන තරම් මේ වගේ නිර්වචන දිගාරින්න. ඒව විෂයානුබද්ධයි. ඒත් ජීවිතේ ගැනයි, ආදරේ ගැනයි නිර්වචන දෙන එක නවත්තන්න මහත්තයෝ. ඔබතුමාගේ කටින් එලියට පනිනන වචන වලට වගකියන්න.

මේ වගේ සින්තටික් කතා හොඳයි අවුරුදු 16 – 27 විතර යනකම්. එහෙම වයස් වල ඉන්න කෙල්ලො කොල්ලොන්ට මේ වගේ ප්‍රකාශන වීරකාව්‍ය වගේ පේනව. මොකද ඒ වයසේ උන් තීරණ ගන්නේ හිතට එකඟව නෙමෙයි. උන් ගන්න තීරණ ගැන උන්ට සතපහක විශ්වාසක් නෑ. ඉතින් මේ වගේ කොහෙන් හරි අහුල ගන්න දෙබසක් පාවිච්චි කරනව උන්ගේ තීරණ උන්ටම ආත්මසාධාරණී කරනය කරගන්න.ඔබතුමාට කඩේකින් වොශින් මැශින් එකක් ගන්නකොට, ටීවී එකක් ගන්නකොට කැටලොග් එකක් දෙනව. මේ බටන් එක ඔබල ඕන් කරන්න , මෙතනින් චැනල් මාරු කරන්න බ්ලා බ්ලා බ්ලා කියලා..

කැටලොග් එකක් දෙන්නෙ අපි නොදන්න බඩුවක් පාවිච්චි කරන්න මහත්තයෝ. ආදරේ කියන්නෙ අපි නොදන්න බඩුවක් නෙමෙයි, අපිට අඩුවෙන් පාවිච්චි කරන්න හම්බෙන බඩුවක්. හරියට ඔබතුමාට කවදාවත්ම ඒක හම්බෙලා නෑ වගේ.. මේක ඔබතුමා කියොව්වොත් ගිහින් අම්මගෙන් අහලා බලන්න. අම්ම නැත් නම් මේ කියපු දේට මටත් සමාවෙන්න. මොකද මාත් මේක හරියටම අහගත්තේ අම්මගෙන් නිසයි කිව්වෙ.

පිටකොටුවේ මුදලාලි මහත්තුරුන්ගෙයි, පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ගෙයි මට වෙනසක් නෑ. උන් තමන්ගේ බඩු විකුණන්න ඕන කෙබ්බයක් ඇරල දාන්නව. ඔබතුමා ගෞරවනීය වෘතියක් කරන මහත්තයෙක්. ඒ තැනට වැටෙන්න එපා හිරිකිතයි. නීතීඥවරුන්ට තියනව මාර්කටින් වලදි ප්‍රොෆෙශනල් එතික්ස් කියල දෙයක්, මන් දන් නෑ ගුරුවෘත්තියටත් එහෙම ලිඛිත දෙයක් තියනවද කියලා. ඒත් පොඩිහරි සංයමයක් තියා ගන්න. වෘතියේ ගෞරවය තියන්….

ආදරේ කියන්නේ ගෙවිල ඉවර වෙන,මදිවෙන, පොඩිවෙන දෙයක් නෙමෙයි සර්, පිරිලා ඉතිරිලා යන දෙයක්..

ආදරේ බෙදන්න පිරිලා ඉතිරිල යනකම්, මිනිස්සුන්ට ආදරේ ඇරෙන්න වෙන දෙන්න මොකුත්ම අපිට ඉතිරි නෑ මහත්තයෝ.

ජය. !- රම්. 👽

May be an image of 1 person and text
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05