අක්කරයක වගාකර තිබූ ගංජා හේනක් පොලීසිය වටලයි

තණමල්විල නිකවැව සූරිය ආර රජයේ රක්ෂිත ප්‍රදේශයේ රහසිගත ලෙස අක්කරයකට අධික භූමි ප්‍රමාණයක වගා කර තිබූ තිබූ ගංජා වගාවක් ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන වැටලීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

විශේෂ කාර්ය බලකා සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.

අඩි පහයි අඟල් හයක් උසැති සරුවට වගා කර තිබූ ගංජා ගස් 6760 ක් පමණ විනාශ කර දැමීමට කටයුතු කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.

ගංජා ගස් දහයක් සාම්පල් වශයෙන් තණමල්විල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

image 81
image 82
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !