අංගොඩ ලොක්කාගේ මැනේජර් සතු කෝටි ගාණක වත්කම් එළියට

මීට මාසයකට ඉහතදී කඩුවෙලදී රුපියල් හය කෝටියකට අධික මුදලක් හා හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ප්‍රධාන මූල්‍ය කටයුතු පාලක ලෙස කටයුතු කළ සැකකරුගේ සහ ඔහුගේ ගෝලයාගේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් සහ බැංකු ගිණුම් කිහිපයක් ඇතුළුව නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අනාවරණය කරගැනීමට සමත්වී තිබේ.

ඉකුත් දෙසැම්බර් 19 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් භානුක පෙරේරා සහ මදුසංක මෙන්ඩිස් හෙවත් “පොඩි මෑන්” පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියමයෙන් මෙම විමර්ශන කොට්ඨාසය වෙත භාර කෙරිණි. 

සැකකරුවන් දින හතක කාලයක් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින අතර සැකකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් සිදුකළ රහසිගත විමර්ශනවලදී මෙම දේපළ හා වත්කම් සොයාගෙන ඇත.

සැකකාර භානුක හා ඔහුගේ බිරියට අයත් රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදල් තැන්පතු ගිණුම් 4ක් මෙම කොට්ඨාසය විසින් අනාවරණය කොට ගෙන තිබේ.

එසේ ම, භානුකගේ රුපියල් කෝටි ගණනක් වටිනා කඩුවෙල සුපිරි නිවෙසක්ද මෙම විමර්ශන කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.

භානුක අංගොඩ ලොක්කාගේ වියෝවෙන් පසුව ඩුබායිහිදී සැඟවී සිටින ‘හරක් කටා’ සමඟ එක්ව හෙරොයින් ජාවාරමේ නියැළී ඇතැයි ද හෙළිව ඇතැයි පොලිසිය කියා සිටී.

“පොඩි මෑන්” නමැත්තා බත්තරමුල්ලේ බන්ටිගේ ගෝලයකු ද වන අතර ඔහු විසින් බිරියගේ නමට කිරිඳිවෙලින්  මිලදී ගත් පර්චස් 12 ඉඩමක් නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය සොයාගෙන තිබේ.

එසේ ම, ඔහුගේ රුපියල් ලක්ෂ පහකට අධික වෙනත් වත්කම් ද හෙළිදරව් කොට ගෙන ඇත.

මෙම සියලු දේපළ හා වත්කම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයා ගත් ඒවා බවත් ඒවා මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කිරීමට නියමිත ය. 

නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24