ෆිච් රේටින්ස් ජාත්‍යන්තර විගණන ආයතනය මගින්ද මෙරට ණය ගෙවීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තියේ වර්ගීකරණය තවදුරටත් පහත හෙළා තිබෙනවා. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ණය ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකසන තුරු විදේශ ණය පියවීම් ශ්‍රී ලංකාව විසින් අත්හිටුවීමත් සමඟයි.
ඒ අනුව ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය සී ලෙස පහත හෙළා ඇත්තේ ණය පැහැර හැරීමට එක් මට්ටමක් ඉහළින්. ඊට පෙර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් හෙවත් එස්. ඇන්ඩ් පී. විගණන ආයතනය මගින් ද මෙරට ණය ගෙවීමේ හැකියාව සී සී ලෙස පහත හෙළනු ලැබුවේ එහි තුන්වන පහළම මට්ටම ලෙසින්.
එමෙන්ම විදේශ ණය වාරික ගෙවීම් සැබෑ ලෙස පියවීම නතර වූ පසු මෙරට ණය වර්ගීකරණය සිලෙක්ටිව් ඩිෆෝල්ට් හෙවත් වරණීය පැහැර හැරීමක් ලෙස තවදුරටත් පහත හෙළීමට සිදුවන බව එස්.ඇන්ඩ්.පී. ආයතනය ප්‍රකාශ කළා.



