Empty Ad
AFC Banner
AFC Banner

හොරෙන් ගෙන්වන ජංගම දුරකථන ගැන පියවරක් ගැනීමට යයි

රජයට බදු ආදායම අහිමි කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පුද්ගලයන් යොදා ගනිමින් ජංගම දුරකථන මෙරටට රැගෙන ඒමේ සංවිධානාත්මක ජාවාරම සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර තිබෙනවා.

එම ජාවාරම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.

ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය අමාත්‍ය මනූෂ නානායක්කාර දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු අදාළ කරුණු අදාළ අංශවලට පැහැදිලි කර තිබෙනවා.

රජයට අය විය යුතු බදු ආදායම අහිමි කරමින් පාර්සල් අදින්නන් හරහා (Hand Carriers) සංවිධානාත්මක ලෙස, ලියාපදිංචියකින් තොරව, ජංගම දුරකතන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන්, ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කළා.

එම තත්ත්වය අදාළ තොරතුරු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙතත් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙතත් යොමු කර ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනු ලැබු බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර කියාසිටියේ.

2021 සහ 2022 වසරවල දී මේ ආකාරයට ජංගම දුරකතන ආනයනය කිරීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් නීති විරෝධී ලෙස උණ්ඩියල් ක්‍රමය හරහා රටින් පිටව ගොස් ඇති බවට ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව තක්සේරු කර තිබෙනවා.

එමගින් රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් බිලියන 3.5ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මේ ආකාරයට ලියාපදිංචියකින් තොරව ජංගම දුරකතන ආයනයනය කිරීම ජාතික ආරක්ෂාවට බලපාන අතර මෙම ජංගම දුරකථන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබාගැනීමට හැකියාවක් නොමැති බව ද ආනයනයකරුවන් පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව රටේ බදු ආදායමටත්, ජාතික ආරක්ෂාවටත් බලපාන, නීති විරෝධී ආකාරයට ජංගම දුරකතන ආනයනය කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉදිරිපත්වූ ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් සම්බන්ධ කරගනිමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අනුර මහත්තයා ආපු නිසා පොත් මිල අඩු වුණා
12:58
Video thumbnail
ඉඩම් අල්ලගන්න ආපු වතු කම්කරුවන්ට පොලිස් ලොක්කා උගන්නපු පාඩම
08:35
Video thumbnail
වැලිපිල්ලෑව ෂෙඩ් එකකට පැනලා යකා නටපු ත්‍රීවීල් චණ්ඩියා
05:08
Video thumbnail
මාලිමාව ගහන්න යන අලුත්ම ප්ලෑන් එක මෙන්න
07:55
Video thumbnail
හැටන් අනතුරේ CCTV දර්ශන මාධ්‍යට - ඩ්‍රයිවර් මොකක්ද මේ කරන්නේ
02:17
Video thumbnail
මෝදී අනුරගේ කරට අත දැම්මට අපිලගේ සාදුට තදවෙලා
06:29
Video thumbnail
කෝච්චිය එද්දී සෙල්ෆි ගන්න ගිහින් අවසන් ගමන් ගිය දෙන්නා
02:57
Video thumbnail
හාල් 270 යි - 230 පාලන මිලට කොහෙද හාල් තියෙන්නේ - මාධ්‍ය හමුවක් තියලා ආණ්ඩුවේ රෙදි ගලවයි
07:39
Video thumbnail
ත්‍රීවීල් එකේ යන හිටපු මන්ත්‍රීතුමා - කොච්චර සරල මනුස්සයෙක් ද?
01:26
Video thumbnail
කපටි වැඩ කරන්න එපා මහත්තයෝ - කස්සප හිමි වීඩියෝ සියල්ල ලීක් කරයි
51:18

?