AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන්තුඩුව ළමා නිවාසයේ දරු දැරියන්ට අවුරුදු

මොරටුව හොරෙන්තුඩුව ළමා නිවාසයේ දරු දැරියන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා නව වසරේ මුදල් අමාත්‍යංශ සේවක පිරිස අවුරුදු අරන් යයි….

මොරටුව හොරෙන්තුඩුව ළමා නිවාසයේ මේ වන විට සිටින දරු දැරියන් 45 දෙනෙකු සඳහා අද එම ළමා නිවාසයට මුදල් අමාත්‍යංශයේ සේවක පිරිසක් එම දරුවන්ට අවශ්‍ය කරනු ලබන ඇඳුම් පැළඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය රැගෙන ගිය අතර එම දරුවන් බොහෝම සතුටින් එම තෑගි බෝග ලබා ගන්නා ලදී.

මෙම අලුත් අවුරුද්ද බොහෝ පිරිසකට අඟ හිඟකම් රැසක් මැද ගෙවුුණු අලුත් අවුරුද්දක් වීම නිසා මෙම දරුවන්ගේ මූලික අවශ්‍යතා පිළිබඳ සොයාබලා මෙම සේවක පිරිස මෙ සත්ක්‍රියාව සිදු කරන ලදී.

ශ්‍රවණ,දෘශ්‍යාබාධිත ආදී අඳ ගොළු බිහිරි දරුවන් රැසක් මෙම ළමා නිවසායේ සිටින අතර මෙම දරුවන් වෙනුවෙන් වෙනමම පාසලක් ද ළමා නිවාසය තුළ පිහිටා තිබෙනවා.

මෙම දරුවන්ගේ මූලික කටයුතු රාජ්‍ය නොවන සංවිධානයක් හරහා දැනට සම්බන්ධීකරණය වෙමින් පරිපාලන කටයුතු සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?