AFC Banner
Empty Ad
Empty Ad

හෙරොයින් සමග සරසවි සිසුවෙක් ඇතුළු තිදෙනකු වැල්ලවායේ දී පොලිස් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයේ සිව්වන වසර සිසුවෙක් ද සිටින අතර මෙම සැකකරුවන් සන්තකයේ තිබූ පිලිවෙලින් හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්රැම් හත්සිය හැටක්,ග්‍රෑම් හයයි මිලිග්රැම් පන්සිය තිහක් සහ හෙරොයින් මිලිග්රැම් පහලොවක් තිබී ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර,බලහරුව සහ වෙහෙරයාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?