හෙට මැදියම් රැයෙන් පසුවත් ටියුෂන් පැවැත්වුණොත් පොලිසියට කියන්න

2024 වර්ෂයට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපකාරක පන්ති (අමතර පන්ති) පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් පසු ව අවසන් වනවා.

කිසියම් අයෙකු එලෙස උපකාරක පන්ති සිදු කිරීම විභාග නීති උල්ලංඝනය කරමින් සිදු කරන්නේ නම් පහත දැක්වෙන දූරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

පොලිස් මූලස්ථානය – 0112421111
පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව – 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 011 278 4208 / 011 278 4537
යනු එම දූරකථන අංක යි.

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වන සියලු ම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පසුගිය 07 වැනිදා නිවේදනය කළා.

ඒ මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වැනි දින ආරම්භ වීමට නියමිත බැවින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?