හෙට දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනයක්

හෙට (20) උදෑසන අටේ සිට පසුවැනිදා (21) උදෑසන අට දක්වා දිවයින පුරා රෝහල්වල ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මීට ප්‍රධාන හේතුව උපාධිධාරී ඖෂධවේදීන් 900ක් පමණ පුහුණුව අවසන් කර සෞඛ්‍ය සේවයට එක්වීමට අපේක්ෂාවෙන් සිටි කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පුහුණු කිරීමත් හා පුහුණුව සඳහා ඖෂධ සංයෝජකයින් තුන්සියයක කණ්ඩායමක් බඳවා ගැනීමට සැරසීම යන කාරණාවලට විරෝධය පළ කරමින්.

ඖෂධ සංයෝජකවරුන් විසින් සිදු කරනුයේ ඖෂධවේදීන්ගේ කාර්යයෙන් කොටසක් වන රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම පමණි.

රටේ ආර්ථිකය දුර්වල වී ඇති මොහොතක පුහුණුව ලත් උපාධිධාරී ඖෂධවේදීන් සිටියදී එම කාර්යය කිරීමට ආසන්න වශයෙන් සමාන වැටුපකට බඳවා ගැනීමට ගෙන ඇති අදූරදර්ශී තීරණයට මොවුන් විරෝධය පළකරයි.

මෙහිදී සියළු අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ස්වේච්ඡාවෙන් ලබා දෙනු ලබන අතර සියලු අනිකුත් සේවාවන්වලින් ඉවත් වෙයි.

සියලුම ළමා රෝහල් මාතෘ රෝහල් වකුගඩු ඒකක පිළිකා ආයතන, පිළිකා දූලක සැපයීම් ඒකක, මානසික රෝහල් මෙම වර්ජන ක්‍රියාවලියෙන් ඉවත් කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55