හින්දු සංස්කෘතියේ උත්සවශ්‍රීයෙන් සැමරෙන දීපාවලී අදයි

දෙස් – විදෙස් වෙසෙන හින්දු බැතිමතුන් මහත් බැතියෙන් හා හරසරින් සමරන දීපාවලී උත්සවය අද (31) දිනට යෙදී තිබෙනවා.

භරත සංකෘතික ලක්ෂණවලින් හෙබි මෙම උත්සවය හින්දු ජනයාගේ ප්‍රධානතම උත්සව අතරින් එකක්.

දීපාවලී උත්සවය වර්ණවත් සංස්කෘතික උත්සවයක් වන අතර එහි විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම මෙහි අරමුණ වනවා.

අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදු කරනු ලබනවා.

මේ අතර නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලී උත්සවය අගනා නිමිත්තක් කරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක දීපාවලී සුබ පැතුම් පණිවිඩිය නිකුත් කරමින් සඳහන් කරනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ, බෙදා වෙන්කර දුර්වල කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය එළඹ ඇති බවයි.

අසාධාරණය, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම සම ඡේදනය කරන, වරප්‍රසාදලාභීන් සහ වරප්‍රසාද අහිමිවූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට පෙරමුණ ගන්නා බව ද අදාළ සුබ පැතුමේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර සෑම කෙනෙකුටම නිදහස ගෞරවය සහ අයිතිවාසිකම අත්විඳිය හැකි ලෝකයක් ගොඩනැගීමට කැප වී ක්‍රියා කරන බව දීපාවලි දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

දීපාවලී දිනයේ එය සමරන සෑම අයෙකුගේම ජීවිතයට ආලෝකය ප්‍රීතිය සහ නවතාවයන් ගෙන එනු ඇති බව ද සිය සුබපැතුම් පණිවුඩය මගින් අග්‍රාමාත්‍යවරිය දැනුම් දී තිබෙනවා.

මේ අතර දීපාවලී උත්සවය නිමිත්තෙන් කෙටුව සහ කන්කසන්තුරය අතර ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (31) සහ හෙට (01) යන දිනයන්හිදි විශේෂ දුම්රියක් ලෙස අමතර ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත් පැවසෙනවා.

මීට සමගාමීව දිවයිනේ ඌව, මධ්‍යම පළාත්වල ද්‍රවිඩ පාසල්වල දරුවන්ට හෙට (01) දිනය නිවාඩු දිනයක් කිරීමටයි අවසර හිමිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40