AFC Banner
AFC Banner
Empty Ad

“හින්දි අපේ ජාතික භාෂාව නෙවෙයි” අශ්වින්ගේ කතාව ගැන ඉන්දියාවේ දැඩි සංවාදයක් (වීඩියෝ)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්, විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක දී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව මේ වනවිට ඉන්දියාව තුළ දැඩි සංවාදයක් ඇතිව තිබෙනවා.

තමිල්නාඩුවේ පෞද්ගලික ඉංජිනේරු විද්‍යාලයක පැවති උපාධි ප්‍රදානෝත්සවයක දී අශ්වින් මෙම ප්‍රකාශය සිදුකර ඇති අතර, “හින්දි අපේ ජාතික භාෂාව නොවේ නිල භාෂාවක් පමණයි” යනුවෙන් එහිදී ඔහු පවසවා.

එම අවස්ථාවේ දී එහි සිටි සිසුන්ගෙන් ඔහුට හිමි වෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.

තමිල්නාඩුවේ පාලක ඩී.එම්.කේ. ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක්, විශේෂයෙන් දකුණේ ප්‍රාන්ත මත හින්දි භාෂාව ප්‍රචලිත කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරන අවස්ථාවක, මෙම ප්‍රකාශය නව විවාදයක් ඇති කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ චෙන්නායි හිදී උපත ලැබූ අශ්වින් පසුගියදා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
15
+1
2
+1
3
+1
4
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?