Saturday, November 9, 2024
Empty Ad
Empty Ad
AFC Banner

හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට එරෙහි නඩුවක් ගැන අධිකරණයෙන් නියෝගයක්

වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට පෙලඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් රුමි යන දෙදෙනා නිදහස් කරන ලෙස නීතිඥවරු කළ ඉල්ලිම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලීම සඳහා ලබන ඔක්තෝම්බර් 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කර තිබෙනවා.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය අද (25) නිකුත් කළා.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මිහිදුසිරි අබේසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ පද්මාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි ලබා දුන්නා.

එම සාක්ෂියෙන් පසුව සාක්ෂි විභාගය අවසන් කරන බව රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලීමක් කි‍රීමට අපේක්ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයට පැවසුවා.

පැමිණිල්ල මෙහෙය වන අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන විශේෂ නඩු කටයුත්තක් සඳහා පෙනී සිටින බැවින් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවේ දී එම ඉල්ලීම සිදු කිරීම සුදුසු බව රජයේ අධිනීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

එම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා එකී ඉල්ලිම සම්බන්ධයෙන් විත්තියේ හා පැමිණිල්ලේ කරුණු දැක්වීම් සඳහා ලබන ඔක්තෝබර් 04 වැනිදා කැඳවීමටයි නියෝග කළේ.

2019 නොවැම්බර් 10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක දි අසත්‍ය ප්‍රකාශ සිදු
කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත සුදු වෑන් භාව්තා කර පුද්ගලයින් පැහැර⁣ගෙන ගොස් ඝාතනය කළ බවට සහ වෙලුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබු රන් භාණ්ඩ උණ්ඩියල් ක්‍රමයට මාරු කළ බව සඳහන් කළ උණ්ඩියල් අතුල සහ ඇන්තනි ඩග්ලස් යන පුද්ගලයින් ලවා අසත්‍ය ප්‍රකාශ සිදු කි‍රීම සම්බන්ධයෙන් එම නඩුව පව‍රා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 27 දින ලංකා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
3
+1
49
+1
3
+1
3
+1
3
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලා ආණ්ඩු නෙවෙයි හැදුවේ පවුල් - ඩිල්ෂාන්ලා පිං පෙට්ටියක්වත් ඉතුර කරේ නෑ
03:50
Video thumbnail
සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස ඉල්ලා අස්විය යුතුයි #sajithpremadasa
02:47
Video thumbnail
විපක්ෂය දෙන්න මල්ලි කියාගෙනනළුවොත් බැහැලා ගේම් එකට #election2024
04:36
Video thumbnail
මම එතකන් ජීවත් වෙලා ඉඳීද දන්නේ නෑ - මහින්ද මහත්තයා කිව්ව කතාවක් කිය කිය වේදිකාවේ හැඬු සාගර කාරියවසම්
05:00
Video thumbnail
ඔව් අපි වැටුනා - දැන් නැගිටිමින් ඉන්නේ - නාමල් යථාර්තය තේරුම් ගනී
05:38
Video thumbnail
ආශු - රනිල් ගැටුම ඇරඹෙයි - කේන්තිය පිටකළේ මෙහෙමයි - තනතුරු රැසක් උඩු යටිකුරු වෙයි
08:38
Video thumbnail
KASTHIRAMA | ජාජබ අපේක්ෂක මහින්ද ජයසිංහ සහ සජබ අපේක්ෂක ධනංජය නාරංබැද්ද සහභාගීවන කස්තිරම වැඩසටහන
01:31:06
Video thumbnail
14 තියෙන්නේ ශ්‍රමදානයක් - අපි මේ ඌරු කොටුව සුද්ධ කරන්න ඕනි #election #election2024
03:58
Video thumbnail
ත්‍රි පෝෂා සමාගම වහන්න දෙන්න බෑඑකට අපි විරුද්ධයි - වසන්ත මුදලිගේට යකා ඇවිස්සෙයි
04:30
Video thumbnail
අනුර කුමාරට ගහපු කතිරෙන් වැඩ කොච්චර වෙලා තියෙනවාද? #nalindajayathissa #akd #npp
02:16

?