AFC Banner
Empty Ad
Empty Ad

හිඟ විදුලි බිල ගෙව්වත් නඩුව අස්කර ගන්නේ නැහැ – නීතිඥ විජිත කුමාර (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නමින් පැවති හිඟ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ ද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඉවත්කර නොගන්නා බව නීතිඥ විජිත කුමාර පවසනවා.

අද (03) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ 2019 වසරේ පැවැති විවාහ මංගල උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට තිබූ හිඟ විදුලි බිල ගෙවා දැමීමට ඊයේ (02) කටයුතු කර තිබුණා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ අදාළ හිඟ විදුලි බිල ගෙවා දැමීමටයි කටයුතු කළේ.

ඒ, අනුව රුපියල් 2,682,246.57ක හිඟ විදුලි බිලක් මෙලෙස ගෙවීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබුණා.

එම මුදල ගෙවීමෙන් පසුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍ය වෙත පැවසුවේ එම හිඟ විදුලි බිල තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?