හල්ලොලුවට වෙඩි තැබීමට ආ යතුරුපැදියේ පැදිකරු ඇතුළු තුනක් පොලිස් දැලේ

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිකරු ඇතුළු ඊට සහාය දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එම සැකකරුවන් ව අත්අඩංගුවට ගන්නා ලද බවයි වාර්තා වන්නේ.

‍ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කර ගනිමින් නාරාහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ ව සිදු කරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරුණේ මැයි මස 18 වැනි දිනයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති බවයි.

තුසිත හල්ලොලුව මහතා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරාහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී මැයි 17 රාත්‍රියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව මහතාගේ නීතිඥවරයා සහ රියදුරු ද සිට ඇති අතර වෙඩික්කරුවන් විසින් ඔවුන්ට පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්.

පහර කෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩික්කරුවන් විසින් ඒ මහතාගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසුවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වූ තුසිත හල්ලොලුව මහතා ජනාධිපතිවරයා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණා.

අදාළ පැමිණිල්ල පිළිබඳව පසුගිය 15 වනදා තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ද ලබාදෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42