AFC Banner
Empty Ad
Empty Ad

හරක් කටා හා පානදුර සළිදු දිවයිනට ගෙන ඒම අද

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රධානපෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ අද මෙරටට රැගෙන එන බව පොලීසිය පවසනවා.

පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ඔහු හා පානදුර සළිදු ලක්ෂිත යන දෙදෙනාම අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

මොවුන් දෙදෙනා මෙරටට රැගෙන ඒම සදහා ඉකුත් (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මැඩගස්කරය බලා පිටත්ව ගියා.

ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු හා විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?