හරක් කටා සහ කුඩු සලිඳු සමඟ සම්බන්ධතා පැවැත් වූ සැරයන් ගැන විමර්ශනයක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු සමඟ සම්බන්ධතා පැවැත් වූ ගල්ගමුව පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගල්ගමුව පොලිසියේ පාලන අංශයේ සේවය කරන මෙම පොලිස් නිලධාරියා මීගලෑව – මහවිලතැන්න පදිංචිකරුවෙක්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවෙත් ‘හරක් කටා’ සහ සලිදු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිදු’ සමඟ මෙම පොලිස් සැරයන්වරයා ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධතා පවත්වා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් සනාථ කරගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (14) දින ගල්ගමුව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?