හඬ පරීක්ෂණයක් සඳහා සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

තරග පාවා දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කට හඬ පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අද පෙරවරු 10.30ට පමණයි ඔහු රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.

තරග පාවා දීමේ සිද්ධියට අදාළ හඬ පට තම දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවත් එම හඩ පට සැකකරුගේ කටහඬ හා ගැළපෙන්නේද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමේ නියෝගයක් ලබා දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

එය සැළකිල්ලට ගනිමිනුයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අදාළ නියෝගය ලබා දුන්නේ.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44