සෞඛ්‍ය ඇමතිනී වැඳලා කළ ඉල්ලීම

එළඹෙන දීර්ඝ සති අන්තයේ දී සූදානම් කර ඇති උත්සව පැවැත්වීම සහ විනෝද චාරිකා යෑමට සුදානම් වී ඇති නම්, පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ඒවා නවතා දමන ලෙස සෞඛ්‍ය ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

ඇය පැවසුවේ තරුණ ප්‍රජාවටද වර්තමානයේ කොවිඩ් අවදානම බලපා ඇති බවය.

(23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

“26 වනදා පෝය. අපි දන්නවා ආගමික උස්සව ගොඩාක් නොයෙකුත් පන්සල්වල තියන්න තීන්දු කරලා තියෙනවා. නොයෙකුත් අය තමන්ගේ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කරලා තියෙනවා. සමහරු අවුරුදු උත්සව සැලසුම් කරලා තියෙනවා. අපි ගෞරවයෙන් ඉල්ලනවා, අත්දෙක එක්කාසු කරලා වැඳලා ඉල්ලනවා, මෙවා අපි නවත්වමු. දින කිහිපයට පෙර තරුණ එක්කෙනෙක් මැරුණා. ඔහුට වෙන කිසිම ලෙඩක් නෑ. දියවැඩියාව ද කොලේස්ට්‍රොල් ද මුකුත් නෑ. හැබැයි කොවිඩ් රෝගය නිසා මිය ගියා. විශේෂඥ වෛද්‍යවරු කියන විදියට වර්තමාන ප්‍රභේදයේ දවස් 14ක් විතර ගිහිල්ලා තමයි බොහෝ අයගේ රෝග ලක්ෂණ මතු වෙන්නේ. එක මාරාන්තිකයි.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි ලැසි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට..දැඩි ආරක්ෂාව මැද රැගෙන යන හැටි
01:37
Video thumbnail
බන්ධනාගාරය තුලදී ප#රදී පුද්ගලයකු ඝා#නය කල බැසිල් හා නිමල්ට ම#ණ දඬුවම්
02:09
Video thumbnail
දඹුල්ල ඉබ්බන්කටුව වැවේ ඇස් පනාපිට සිදුවූ අනවසර ඉදිකිරීම්..රජයේ ආයතන 16ක් අනුමැතියත් දීලා
11:09
Video thumbnail
හුන්ඩුවට කවියක් හදලා කාන්තාවන් සැරටම දෙසයි..පච කෙ#න ආණ්ඩුව ගැහැණු එක දිගට රැවැට්ටුවා
08:12
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57