සුරූපී තරුණියක් පැදවූ ඩිපෙන්ඩර් රථය නීති විරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි කළ එකක්

සුරූපී තරුණියක් පදවමින් සිටියදී පොලිස් භාරයට ගත් ඩිපෙන්ඩර් රථය නීති විරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි කළ එකක් බවට පරීක්ෂණවලදී තහවුරු වූ බව මරදාන පොලිසිය කියයි

මීට මාසයකට පමණ ඉහතදී ඩිපෙන්ඩර් රථයක් පැදවූ සුරූපී තරුණියක් ඇතුළු තරුණියන් තිදෙනෙක් මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එහි චැසි සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට වාර්තා වලින් සනාත වු බව පොලීසිය සඳහන් කරයි

මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී ඉකුත් මස (9) සවස අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ඉදිරියට ධාවනය වෙමින් තිබූ ඩිපෙන්ඩර් රථය නැවතීමට මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර තිබූ අතර ඊට අවනත නොවී මග හැර යාමට එය පැද වූ තරුණිය කටයුතු කර තිබූ බව පොලිසිය කියයි

වහා ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් රථයේ ලියාපදිංචි අංකය සමග මෙහෙයුම් මැදිරිය දැනුම්වත් කිරීමට පියවර ගත් අතර මරදාන ටෙක්නිකල් හන්දියේ දී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඩිපෙන්ඩර් රථය රථය නැවතීමට සංඥා කර තිබූ බව එම නිලධාරියා කීය

ඊට ද අවනත නොවී ඉදිරියට ධාවනය වූ ඩිපෙන්ඩර් රථය කැලෑ පොළ හන්දිය ආසන්නයේ සිටි රථවාහන අංශයේ නිලධාරීන් එය ද නැවතීමට සංඥා කිරීමෙහිදී ඊට අවනත නොවී එහි රියැදුරු ලෙස කටයුතු කළ තරුණිය රථය ඉදිරියට ධාවනය කිරීමේදී ඒ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ට්‍රිපොලි ක්‍රීඩාංගණය අසලදී ඩිපෙන්ඩර් රථය නවතා ගැනීමට සමත් වී තිබිණි

එහිදී රියදුරු ලෙස කටයුතු කළ තරුණිය සහ අනිත් තරුණියන් එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වීමක් සිදුවී තිබිණි

අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවන් බවත් නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 වයස් සීමාවල තැනැත්තියන් ය

මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
15
+1
4
+1
1
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් - ඉරාන තානාපති හදිස්සියේම හමුවෙයි..
01:10
Video thumbnail
ඉරාන නෞකාවේ මි#ගිය අයගේ සිරුරු කරාපිටිය රෝහලට..මෙන්න නවතම දර්ශන පෙළක්
01:25
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රය එල්ල කළ හැටි විඩියෝවක් එළියට
00:35
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රය එල්ල කළ හැටි විඩියෝවක් එළියට..බලන් ඉද්දිම නෞකාව සුන්නද්දූලි වෙයි
01:03
Video thumbnail
ඉරාන නැවට ප්‍ර#ර එල්ල කළේ තමන් යැයි අමෙරිකාව කියයි..අමෙරිකා ආරක්ෂක ලේකම් සියල්ල හෙළිකරයි
01:52
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26