AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි පන්දුවාරයෙන් නිමා වූ සුපිරි තරගයෙන් ගෝල් ටයිටන්ස් ජය ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ගෝල් ටයිටන්ස් සහ දඹුල්ල අවුරා කණ්ඩායම් අතර තරගය තරගයේ ලබා ගත් ලකුණු සම වීම හේතුවෙන් සුපර් ඔවරය යැවිමට සිදුවිය

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල නායකයා සමත් වු අතර ඒ, අනුව ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ප්‍රථමයෙන් පන්දුට පහර දුන් ගෝල් ටයිටන්ස් සිය පන්දුවාර 20 අවසානයේදී ලකුණු 180 ක් ලබා ගත්තා

ශෙවෝන් ඩෙනියෙල් ලකුණු 33ක් ද,භානුක රාජපක්ෂ 48ක් ද ගෝල් ටයිටන්ස් වෙනුවෙන් ලබා ගත්තා. දසුන් ශානක 42යි

පන්දු යැවිමේදී ෂනාවාස් කඩුලු 2ක් සහ බිනුර එක් කඩුල්ලක් ලබා ගත්තා.

දඹුල්ල අවුරා කණ්ඩායම ජය සදහා 181ක ඉලක්කයක් හඹා ගිය අතර ඔවුන්ට ද හැකි වුයේ 180ක් ලබා ගැනිමටයි .

ගෝල් titans කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක කඩුලු 3ක් ලබා ගත්තා.

දඹුල්ල අවුරා කණ්ඩායම සුපිරි පන්දු වාරයට ලකුණු 9ක් ලබා ගත්තා ඒ අනුව ලකුණු 10ක් ලබා ගැනිමට පිටියට පැමිණි ගෝල් titans 11ක් ලබා ගනිමින් තරගයේ ජය ලැබීය. දසුන් ශානක සහ රාජපක්ෂ පන්දුවට පහර දෙමින් පන්දු 3ක් අතුලත ජය ලැබිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?