සුගීෂ්වර බණ්ඩාර ලබන 28 දක්වා යළිත් රිමාන්ඩ්

සුගීෂ්වර බණ්ඩාරගේ නඩුව වෙනත් අධිකරණයට මාරුකර යැවීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණ සේවා කොමිෂන් සභාව දන්වා ඇති බව අද (21) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එම නියෝග කියවා දෙමින් දන්වා සිටියා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා මෙලෙස දන්වා සිටියා.

බිරිඳගේ ගිණුම සහ තවත් ගිණූම් සම්බන්ධයෙන් වාර්තා ලබා දෙන ලෙසත් අදාල බැංකු ප්‍රධානීන්ට නියෝග ඊට අදාළ විමර්ශනකර අධිකරණයට වාර්තා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු සුගීශ්වර බණ්ඩාර ලබන 28 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළා.