සුඛෝපභෝගී ජීප් රථයකින් ගංජා තොගයක් ප්රවාහනය කරමින් සිටි තරුණ අඹුසැමි යුවළක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම – හලාවත මාර්ගයේ බත්තුළුඔය පොලිස් මාර්ග බාධකයේ දී සිදුකළ සෝදිසි කිරීමක දී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙහිදී සුඛෝපභෝගී ජීප් රථය තුළ තිබී ගංජා කිලෝ ග්රෑම් 17යි ග්රෑම් 985ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 26ක මොණරාගල හබ්ඹේගමුව ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකාරිය 23 හැවිරිදි වියේ පසුවන රාජාංගනය ප්රදේශයේ පදිංචි තරුණියක්.
ගංජා තොගය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු සහ සැකකාරිය තමන්ව මුදා හරින ලෙස ඉල්ලමින් වැටලීම කළ පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එම මුදල රුපියල් ලක්ෂ 05ක් දක්වා වැඩි කිරීමට සැකකරු උත්සාහා කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් අද (10) දින පුත්තලම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













