AFC Banner
Empty Ad
Empty Ad

සීනිගම වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරුපැදිය හමුවෙයි

රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන දුලාජ් තරංගට වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ, අකුරල ප්‍රදේශයේ මුහුදු වෙරළට ආසන්නයේ පිහිටි පාළු ගොඩනැඟිල්ලක් පිටුපස සඟවා තිබිය දී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අංක තහඩු නොමැති කළු පැහැති යතුරුපැදියක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

පසුගිය 17 වනදා සීනිගම ප්‍රදේශයේ දී කැබ් රථයක සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අනතුරුව කැබ් රථය පොලීසියට ධාවනය කර තිබූ අතර, පසුව පොලීසිය මැදිහත්ව ඔහු රෝහල්ගත කර කිරීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?