ස්මිත් ලෝක ටෙස්ට් පිටියේ වාර්තා අලුත් කරයි

ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ පස්වන තැන හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත්ට හැකියාව ලැබුණා.

ඒ, ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී සිය 36 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වීමත් සමඟයි.

ස්මිත් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 131ක් රැස් කළේ පන්දු 254කට මුහුණ දෙමින්.

ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් තරග 116කට ක්‍රීඩාකරමින් ශතක 36 රැස්කර ගැනීමට සමත්ව සිටින අතර, එංගලන්ත ක්‍රීඩක රෝ රූට් සහ හිටපු ඉන්දීය ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් ද ටෙස්ට් ශතක 36 බැගින් රැස්කරගෙන සිටිනවා.

වැඩිම ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ මුල් ස්ථාන හතරේ පිළිවලින් සචින් ටෙන්ඩුල්කාර්, ජැක් කාලිස්, රිකී පොන්ටින් සහ කුමාර් සංගක්කාර පසුවනවා.

ඔවුන් සියලු දෙනාම මේ වනවිය ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින ක්‍රීඩකයින්වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මේ අර ළමයව හැ#පුවා අයියෝ ?කාර් එකෙන් ඇවිත් බයික් එකේ කොල්ලට කරපු කැත වැඩේ
00:48
Video thumbnail
"JVP එකෙන් ආවා මාව ගස් බ#දින්න..මාව වටකළා" මහින්ද සියල්ල එළියට දායි
06:19
Video thumbnail
බිත්තර මිල රු.50ක් දක්වා ඉහළට ?දයාසි‍රිගෙන් ප්‍රබල හෙළිදරව්වක් - බඩ ඉරිඟු හොයාගන්න බැරි තැනට ගිහින්
13:51
Video thumbnail
සයිබර් තර්ජනවලින් දරුවන් ආරක්ෂා කිරීම කිරීම ගැන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
01:53
Video thumbnail
මාලිමා සංවිධායක ප#රදුන්නා කියලා මන්ත්‍රීවරයෙක් රෝහලට යයි
01:54
Video thumbnail
කිසිම ආරක්ෂාවක් නෑ - කළිනුත් ගිනි ගත්තනේ
01:09
Video thumbnail
සිංහලයෝ හැමෝම එකතුවෙලා පාරට බහිනවා
01:16
Video thumbnail
ශාන්ත බණ්ඩාරගේ පුතාව පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග
00:22
Video thumbnail
මුඛ පිළිකාවෙන් තොර හෙටක් වෙනුවෙන් ගාල්ලේ පාගමනක්
01:18
Video thumbnail
ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි - හිනාවක් දාගෙන ගැම්මට අධිකරණයට ආ චිලී
01:37