සිසුවිය බිමට පැන්න කළුතර හෝටලයට එරෙහිව නඩු

කළුතර නගරයේ පස්මහල් හෝටලයක තුන්වන මහලෙන් පැන සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළ හෝටලය නීතිවිරෝධීව ඉදිරිකර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, අනුව අදාළ හෝටලයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් ලබාදී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

2010 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදී අවසන් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී අනුමත උපරිම බිම් සැලැස්ම ඉක්මවා ඇති බවත්, ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූළ නොවීමත් සහ පිටුපස අවකාශය, අලෝකය සහ වාතාශ්‍රය සඳහා වන රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවත්, හෝටලයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කැඳවනු ලැබූ වාර්තාවේ සඳහන්.

අදාළ රෙගුලාසි උල්ලංඝනය කර තිබීම හේතුවෙනුයි අදාළ ඉදිකිරීම නීතිවිරෝධී බවට තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
37
+1
4
+1
2
+1
2
+1
8
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?