සිසුවිය බිමට පැන්න කළුතර හෝටලයට එරෙහිව නඩු

කළුතර නගරයේ පස්මහල් හෝටලයක තුන්වන මහලෙන් පැන සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළ හෝටලය නීතිවිරෝධීව ඉදිරිකර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, අනුව අදාළ හෝටලයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් ලබාදී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

2010 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදී අවසන් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී අනුමත උපරිම බිම් සැලැස්ම ඉක්මවා ඇති බවත්, ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූළ නොවීමත් සහ පිටුපස අවකාශය, අලෝකය සහ වාතාශ්‍රය සඳහා වන රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවත්, හෝටලයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කැඳවනු ලැබූ වාර්තාවේ සඳහන්.

අදාළ රෙගුලාසි උල්ලංඝනය කර තිබීම හේතුවෙනුයි අදාළ ඉදිකිරීම නීතිවිරෝධී බවට තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02