ඉන්දීය ආරක්ෂක ඇමති නිල සංචාරයකට ලබන 08 වනදා දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කළේ, මෙම සංචාරය අතරතුර, රාජ්නාත් සිං අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නායකත්වය සමඟ ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මෙම සංචාරය වෙනුවෙන් ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් එක්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්