AFC Banner
Empty Ad
Empty Ad

සිරියාවේ, ඉරාන කොන්සල් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් එහි සේවය කළ නිලධාරීන් හත්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ හත්දෙනා අතර ජ්‍යෙෂ්ඨ ඉරාන අණදෙන නිලධාරියෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ඉරාන බලධාරීන් චෝදනා කරනවා.

කොන්සල් කාර්යාල ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඉරානය හා විප්ලවවාදී ආරක්ෂකයින් විසින් අරමුදල් සපයන සහ පුහුණු කරන ලද මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් සිරියාවේ ඉලක්ක වෙත මෑත කාලයේ දී විශාල ප්‍රහාර සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?