AFC Banner
Empty Ad
Empty Ad

සිදුවූ ප්‍රමාදය ගැන ගුවන් සේවයෙන් නිවේදනයක්

පසුගිය අඟහරුවාදා (19) දින සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයක් පිලිබදව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ ගුවන් යානය කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් එම ගුවන් ගමන ප්‍රමාදයකට ලක් කිරීමට සිදුවූ බවයි.

දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත මානව සම්පත් සංවර්ධන සේවය සදහා පිටත් කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන යාමට නියමිතව තිබූ ගුවන් යානය මෙලෙස ප්‍රමාද වුණා.

එම පුද්ගලයින්ව අදාළ රැකියා සදහා පිටත් කිරීමට කතයුථුඉ සුදානම් කර තිබුනේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්.

කෙසේ වෙතත් මෙම ගුවන් ගමන ඊයේ (20)දින උදෑසන 07.23ට ශ්‍රී ලාංකික සේවකයින් 117 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ බලා පිටත්ව ගිය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ව තිබෙනවා.

එමෙන්ම එම නිවේදනයේ තවදුරටත් සදහන්ව ඇත්තේ ඉතිරි ශ්‍රී ලාංකිකයන් 100 දෙනා එළඹෙන ඉරිදා (24)දින දකුණු කොරියාව බලා රැගෙන යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැළසුම් කර ඇති බවයි.

මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වළක්වා ගැනීමට සිය ගුවන් සේවය කඩිනම් පියවර ගනිමින් සිටින බවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය වැඩිදුරටත් සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
11
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?