සිදුවූ ප්‍රමාදය ගැන ගුවන් සේවයෙන් නිවේදනයක්

පසුගිය අඟහරුවාදා (19) දින සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදයක් පිලිබදව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ ගුවන් යානය කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් එම ගුවන් ගමන ප්‍රමාදයකට ලක් කිරීමට සිදුවූ බවයි.

දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත මානව සම්පත් සංවර්ධන සේවය සදහා පිටත් කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන යාමට නියමිතව තිබූ ගුවන් යානය මෙලෙස ප්‍රමාද වුණා.

එම පුද්ගලයින්ව අදාළ රැකියා සදහා පිටත් කිරීමට කතයුථුඉ සුදානම් කර තිබුනේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්.

කෙසේ වෙතත් මෙම ගුවන් ගමන ඊයේ (20)දින උදෑසන 07.23ට ශ්‍රී ලාංකික සේවකයින් 117 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ බලා පිටත්ව ගිය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ව තිබෙනවා.

එමෙන්ම එම නිවේදනයේ තවදුරටත් සදහන්ව ඇත්තේ ඉතිරි ශ්‍රී ලාංකිකයන් 100 දෙනා එළඹෙන ඉරිදා (24)දින දකුණු කොරියාව බලා රැගෙන යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැළසුම් කර ඇති බවයි.

මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වළක්වා ගැනීමට සිය ගුවන් සේවය කඩිනම් පියවර ගනිමින් සිටින බවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය වැඩිදුරටත් සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35