සැඟව සිටී ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

පානදුර ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලවක් ඉදිරිපිට තියුණු කඩුවකින් කපා කොටා ඉකුත් මැයි 31 රාත්‍රි පුද්ගලයකු ඝාතනය කර සැගව සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ජනප්‍රිය මාවතේ පදිංචි 26 හැව්රිදි අයෙකු බව පොලිසිය පැවසීය

සැකකරු කතරගම ප්‍රදේශයේ නවාතැන් පලක සැගව සිටියදී අත්අඩංගුවට ගත්බව පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරු එදින රාත්‍රී පානදුර හොරණ මාර්ගයේ ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී , පානදුර,,මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටී සෙබස්තියන්ගේ මියුරු හසංජය නැමැති 23 හැවිරිදි අයට කඩු පහරවල් 8 ක් පමණ එල්ලකර ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති බව පොලිසිය කීය.

පහරදෙන අයුරු කර්මාන්ත ශාලාවේ ආරක්ෂක කැමරාවල පට්ගතව තිබු බවත් එහි දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?