Empty Ad
Empty Ad

සා.පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ගේ දෛනික දීමනාව වැඩි කිරීමට කැබිනට් සංදේශයක්

ගුරු වෘත්තීය සංගම් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට ලබාදෙන දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මීට අමතරව ඔවුන්ට දින දෙකක රාජකාරී නිවාඩු ලබාදීමට ද මේ වනවිටත් පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ උපාධිධාරීන් 5,400 දෙනකු අලුතෙන් ගුරු සේවයට බඳවාගන්නා බවත් ඉන් 1,700ක් ම බඳවාගනු ලබන්නේ ජාතික පාසල්වලට බවයි.

නුදුරු දිනයකදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විවෘත තරග විභාගයක් පැවැත්වීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම වතුකරයේ ගුරු හිඟය පියවීමට ගුරු සහායකයන් බඳවාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුසට සාගිනි ! - මේක ඩීල් එකක් - හාල් මෝල් කාරයෝ ගෙන්නලා මේසෙට තට්ටු කරලා රුපියල් 10ක් වැඩි කරලා
02:58
Video thumbnail
අනුර කුමාර කියන පිළිරුව ඇතුළේ ඉන්නේ රනිල්ගේ දිශ්ඨිය
03:11
Video thumbnail
කතානායකගේ ආචාර්ය පට්ටම ගැන - උත්තර නැතිවෙන්නම දිලිත් ජයවීර දෙසයි #dilithjayaweera
05:03
Video thumbnail
රිලව් ප්‍රශ්නයට ක්ෂණික විසඳුම් නෑ - මේ විදියට කළොත් අවුරුදු දෙක තුනකින් විසඳුම් තියෙයි
04:05
Video thumbnail
ගැමුණු විජේරත්න CID එයි - "මට මරණ තර්ජන තියෙනවා"
02:51
Video thumbnail
2025 අවුරුද්ද අපි මේ විදියට සාර්ථක වෙමුද?
03:28
Video thumbnail
අනුර සහ රනිල් අතර අනියම් වෙලීම දැන් කසාදයක් බවට පත්වෙලා
03:13
Video thumbnail
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව - සජීවීව 2024 / 12 / 10
52:11
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:41:12
Video thumbnail
අනුර කුමාර බලයට ඇවිත කරපු අලුත් වැඩ 10ක් කියන්න
05:56

?