Fly high Get bonus Aviator Phone

සාත්තු සේවය සඳහා මෙරට තවත් පිරිසක් ඊශ්‍රාලයට

සාත්තු සේවය සඳහා ඊශ්‍රාලයට පිටත්ව යන මෙරට තවත් කණ්ඩායමක් සඳහා ගුවන් ටිකට් පත් ප්‍රධානය කිරීම විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් පසුගිය දා සිදුකෙරුණා.

ඊශ්‍රාලය බලා පිටත්ව යන මෙම කණ්ඩායමට 21 දෙනෙක් ඇතුළත්.

මෙම පිරිස හෙට (27) දිනයේ දී ඊශ්‍රාලය බලා පිටත්ව යෑමට නියමිත බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රාලයේ ජනගහන සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකරගෙන ඇති ගිවිසුමකට අනුව මෙරට තරුණ තරුණියන් සඳහා එරට රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

මේ අතර තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එළෙඹෙන අගෝස්තු 02 වනදා ඊශ්‍රාලය බලා පිටත්ව යෑමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?