AFC Banner
Empty Ad
Empty Ad

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු පාපන්දු තරුවට සිරදඬුවම්

බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබින්හෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 09ක සිරදඬුවමක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2013 වසරේ මිලානෝ නුවර රාත්‍රී සමාජ ශාලාවක දී ඇල්බේනියානු කාන්තාවක් සමූහ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට වසර දෙකකට පෙර ඉතාලියේ දී ඔහු වරදකරු කරනු ලැබුවා.

40 හැවිරිදි රොබින්හෝ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ උපන් නගරය වන සැන්ටොස් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේදීයි.

ඔහුව ඉතාලිය වෙත පිටුවහල් කිරීමට නොහැකි තත්ත්වයක් මත ඔහුට බ්‍රසීලයේ සිරදඬුවම් නියම කරන ලෙස ඉතාලි රජය බ්‍රසීල රජයෙන් ඉල්ලා තිබුණා.

ඒ, අනුව පසුගිය බදාදා බ්‍රසීලයේ අධිකරණයක් එම තීරණය අනුමත කළ අතර, ඔහු නිවාස අඩස්සියේ සිටීම වෙනුවට සිරගෙදරක රැඳවීමට තීන්දු කළා.

බ්‍රසීලයේ අධිකරණ පද්ධතිය විසින් ගනු ලැබූ මෙම තීරණාත්මක තීරණය දේශීය මාධ්‍යවල බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබෙනවා.

මේ අතර රොබින්හෝ ඔහුගේ කීර්තිය සහ ධනය උපයෝගීකර ගනිමින් යුක්තියේ තීරණය වෙනස් කිරීමේ සූදානමක් පවතින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?