සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට සනාථ වෙයි

යාපනයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සියදිවි හානි කරගැනීමක් බව තහවුරු වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම තොරතුර අනාවරණය වී ඇත්තේ මළසිරුර සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී බවයි.

යාපනය – චාවකච්චේරිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කළ මෙම මරණකාරිය පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී අධිකරණ වෛද්‍ය ප්‍රේම්කුමාර් නාමසිවායම් මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි අනුව යාපනය රෝහලේ හදිසි මරණ පරික්ෂක එස්.ජෙයබාලන් මහතා විසින් මෙම මරණය සියදිවි හානිකරගැනීමක් බවට නිගමනය කරනු ලැබුවා.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරන ග්‍රාම නිලධාරිවරයෙකු බවත්, ඔවුන් දෙදෙනාට දාව සය හැවිරිදි දියණියක් ද සිටින බවත් වාර්තා වනවා.

මරණකාරිය සියදිවි නසා ගැනීමේ දී ඇයගේ කුස තුළ තවත් මාස 06ක පමණ බිළිඳු කළලයක් ද තිබී ඇති බවත්; ඒ අනුව ඇය මියයන විට ද ගැබිණි මවක් ලෙස සිට ඇති බවත් මරණකාරියගේ මරණයත් සමග එම කළලය ද විනාශ වී ඇති බවත් වෛද්‍යවරු තහවුරු කළා.

එම කළලය බේරා ගැනීමට ද වෛද්‍යවරු උත්සාහ ගැනුණ ද එය ව්‍යර්ථ වී ඇති බවයි පැවසෙන්නේ.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට පවසා ඇත්තේ බිරිඳ කාමරය තුළට ගොස් ඉටිපන්දමක් දැල්වීමට ගිය විට දී මෙම අනතුර සිදු ව ඇති බවයි.

කෙසේවෙතත් මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ දේහය ආදාහනය නොකොට යළි ගොඩගැනීමට අවශ්‍ය වුවහොත් ගත හැකි පරිද්දෙන් වෙනම ස්ථානයක මිහිදන් කරන ලෙසට ද ඥාතීන්ට අධිකරණය දැනුම්දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09