සල්මන් ඛාන්ගේ ගෙදරට වෙඩි තැබූ වෙඩික්කරුවෝ අල්ලයි

පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) සවස ගුජරාට් ප්‍රාන්තයේ බුජ්හි දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සොරාගත් යතුරුපැදියකින් පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය ඉරිදා අලුයම 5.00ට පමණ මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් තිබුණා.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව මෙම සැකකරුවන් දෙදෙනාම කුප්‍රකට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.

බිෂ්නෝයි මේ වන විට සංගීතවේදී මූස් වාලා සහ රාජ්පුත් නායක සහ කර්නි සේනා ප්‍රධානී සුක්දේව් සිං ගෝගමේඩි ඇතුළු ඉහළ පුද්ගල ඝාතන කිහිපයකට තිහාර් බන්ධනාගාර ගතකර සිටිනවා.

සල්මන් ඛාන්ගේ නිවසින් පිටත සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව, ලෝරන්ස් බිෂ්නෝයිගේ සහෝදරයා වන අන්මෝල් බිෂ්නෝයි සමාජ මාධ්‍ය සටහනකින් වගකීම භාරගෙන, එය “පෙරදසුනක්” ලෙස විස්තර කර බොලිවුඩ් නළුවාට අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ පසු සල්මන් ඛාන්ගේ ආරක්ෂක කණ්ඩායමට තවත් පිරිසක් එක් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔහුට නිවසින් පිටතට යාමට පෙර මුම්බායි පොලිසියට දන්වන ලෙස ද දන්වා ඇති අතර, අත්‍යවශ්‍යම කාරණාවකට හැර නිවසින් පිටතට නොයන ලෙසට ද සල්මන්ට උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54