සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතා රිමාන්ඩ්

කොළඹ තුරඟ තරඟ පිටිය ප්‍රදේශයේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ශිෂ්‍යාවගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුරුදුවත්ත පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසටයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නැවට ප්‍ර#ර එල්ල කළේ තමන් යැයි අමෙරිකාව කියයි..අමෙරිකා ආරක්ෂක ලේකම් සියල්ල හෙළිකරයි
01:52
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03