විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්ව විද්‍යාල ආචාර සමිති සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (16) පැවැත්වුණා.
ඒ, බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.
අග්‍රාමාත්‍යවරිය සහ විශ්ව විද්‍යාල ආචාර සමිති සම්මේලනය අතර පැය 04කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
කෙසේ වෙතත් එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සඳහන් කළේ, විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු කඩිනමින් විසදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි.
එමෙන්ම මෙම සාකච්ඡාව තුළින් සාර්ථක විසඳුම් අත්කර ගැනීමට නොහැකි වූ බවත් විශ්ව විද්‍යාල ආචාරවරුන් සඳහන් කළා.













