කොළඹ කොටුව, ගාලූ මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
එම වීඩියෝ දර්ශණය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් සිදුකළ විමර්ශනයේදී පුද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙක් සහ තවත් පුද්ගලයෙකු විසින් බස් රථයේ ගමන් ගන්නා ලද මගියෙක්ට ටිකට් පතට අදාළ මුදල සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙසේ පොල්ලකින් පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා .
ඒ අනුව, ඊයේ (03) දින කොටුව බස් නැවතුම්පොලේදී කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පහරදීම සම්බන්ධව සැකකරුවක් වන අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 35 ක් වන පානදුර තිරිබේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ
.
සැකකරු අද (04) වන අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොටුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
















