සනීපාරක්ෂක තුවා මිල දී ගන්න ලක්ෂ 08 කට වවුචර් බෙදයි

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සලසමින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදාදීම‍ට පියවර ගන්නා බවත්, එයට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වන අතර,එක් වවුචර පතක ව‍ටිනාකම රුපියල් 1200ක් පමණ වනවා.

නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

2024 03 27 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආරක්ෂකයින් පිරිවරාගෙන සජිත් උද්ඝෝෂණයෙන් පිටව ගිය හැටි - පොරකකා සජිත් එක්ක Selfie ගහයි
01:54
Video thumbnail
මහ සෙනඟ මැද සජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - අනුරව අපි ජන බලයෙන් ගෙදර යවනවමයි
10:43
Video thumbnail
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..සජබය දෙවනත් කරයි - සෙනඟ මැදින් සජිත් එයි
02:40
Video thumbnail
සෙනඟ මැදින්, ප්‍රියංකරට සමුදෙන්න ආ විපක්ෂ නායක සජිත් - මගේ තාත්තාට උපරිම සහයෝගය දුන්නා
03:06
Video thumbnail
සලේගේ නඩුව ගැන රොහාන් ද සිල්වා පියතුමා හෙළිකළ දේ - අපිට සැකයි හිතාමතා පරක්කු කරනවද කියලා
04:41
Video thumbnail
නීතිඥයින් අටමස්ථානාධිපති බැහැ දකින්න යයි - අපි නීතීඥවරු හැටියට නීතියට ගරු කරනවා
13:10
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42