AFC Banner
Empty Ad
Empty Ad

සද්‍රාන් එක්දින පිටියේ 05 වැනි ශතකය ඔස්ට්‍රේලියාවට එරෙහි ව ලබයි

Ibrahim Zadran ජාත්‍යන්තර එක්දින පිටියෙහි සිය 05 වැනි ශතකය ලබා ගැනීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව යි.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන – ඔස්ට්‍රේලියා 39 වැනි තරගයේ දියි සද්‍රාන් මෙම දක්ෂතාව දැක්වූයේ.

තරගයේ කාසියේ වාසිය දිනූ හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව තෝරාගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගන් ආරම්භක පිතිකරුවන් දෙපළ වූ ගුර්බාස් සහ සද්‍රාන් හට පළමු කඩුල්ලට ගොඩනැගීමට හැකි වූයේ ලකුණු 38ක සබඳතාවක් පමණයි.

ගුර්බාස් ලකුණු 21ක් අතැතිව සිටියදී හේසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නමුත් ප්‍රවේසම්කාරී අයුරින් ලකුණු ලබා ගනිමින් ඊබ්‍රහීම් සද්‍රාන් සිය ශතකය පූර්ණ කරගත්තා.

ඊට වැය වූ පන්දු ගණන 131ක්.

මෙම හැඩකාර ශතකයට සද්‍රාන් දැවැන්ත හතරේ පහර 07ක් ද එල්ල කළා.

පන්දුවාර 43ක් ආරම්භයේ කඩුලු 04ක් දැවී ඇෆ්ගනුන් ලකුණු 216ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?