AFC Banner
Empty Ad
Empty Ad

සතොස පහත දැමූ අත්‍යවශ්‍ය භාණ්ඩවල නව මිල අද සිට

සතොස විසින් පහළ දැමූ අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක නව මිල ගණන් අද සිට ක්‍රියාත්මකයි.

මෙම සහනය අද සිට දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි ඔවුන් නිවේදනය කළේ.

මේ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1700ක් වනවා.

දේශීය සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර ඒ අනුව සතොස මගින් සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 169කට මිලදී ගත හැකියි.

රුපියල් 8කින් රතු කැකුළු සහල් මිල අඩුකිරීමට සතොස පියවර ගෙන ඇති අතර එහි මිල රුපියල් 179ක් වනවා.

දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 184ක්.

රතු පරිප්පු කිලෝවක මිල රුපියල්ය 5කින් අඩු කර තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 365ක්.

රුපියල් 237ක්ව පැවති කීරි සම්බා කිලෝවක් රුපියල් 4කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 233ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?